Wednesday, 29 August 2012

පුත්තලම අරුවක්කාලු දුම්රිය මාර්ගය


පුත්තලම දක්වා දුම්රියෙන් ගමන් කරන මගියෙකුට ගමන්කල හැක්කේ නුර්නගර් දුම්රිය ස්ථානය දක්වා පමණි. නමුත් දුම්රිය මාර්ගය තවත් සැතපුම් 22 ඉදිරියට පවතී .හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු වූ බී ඩී
රම්පාල මහතාගේ කාලයේ  පුත්තලම සිට තලෛමන්නාරම දක්වා දුම්රිය මාර්ගය දීර්ග කිරීමේ ව්‍යාප්‍රුතියක් ලෙස ආරම්භ කර විල්පත්තු වනෝද්‍යානය හේතුවෙන් අතරමග නවතාඳමා සංස්ථා සිමෙන්ති සමාගමේ හුණුගල් අරැවක්කාලු සිට පාලාවි කර්මාන්තශාලාවට ප්‍රවාහනය කිරීමට යොදාගන්නා ලදී.
 
 
 
 

හුණු ගල් කොරියේ දර්ශන



එකල දුම්රියන් මාරැවිය භැකි දුම්රිය ස්ථාන දෙකක් තිබී ඇති අතර ඒවානම් කරඬිපුවල් හා පෙරියනාගවිල්ලුය
 
 
කරඩ්පුවල් දුම්රිය ස්ථානයේදී දුම්රිය දෙකක් මාරුවීම

අද වනවිට පෙරියනාගවිල්ලු දුම්රිය ස්ථානයේ දුම්රිය මාරුවියය නොහැක. දුම්රියන් ධාවනය වන්නේ ටෝකන් ක්‍රමය යටතේය. එකල මාර්ගය දුම්රිය මාර්ගය දුම්රිය දෙපාර්ථමේන්තුව සතුවු අතර අදවනවිට විවෲත මාර්ග ප්‍රතිපත්තිය යටතේ හොල්සිම් සිමොන්ති සමාගමට බදුදී ඇත. එම සමාගම දුම්රිය මාර්ගය කොන්ක්‍රීට් සිල්පර යොදා නවීකරනය කර ඇත.තවද මාර්ගයේ ඇති පාලමක් කොන්ක්‍රීට් යොදා නිමකර ඇත


කොන්ක්‍රීට් පාලම

එකල හුණුගල් ප්‍රවාහනයෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවය ඉතා ඉහල ආදායමක් ලැබූ අතර අදවනවිට එම ආදායම අහිමි වී ඇත.බදුදීමට පෙර දුම්රිය සේවයේ එන්ජින් ධාවනය කල අතර අදවන විට ධාවනය වන්නේ හොල්සිම් සමාගමේ එන්ජින් පමණි.


ඔවුන්ගේ එන්ජීන් ක්‍රියා විරහිත වුවිට පමණක් ශ්‍රි ලංකා දුම්රිය සේවයේ එන්ජීන් කුලියට ගනී.හරියට වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වගේය.ජනාකීර්න නොවන ප්‍රදේශ හරහා මාර්ගය ඉදිකර ඇති අතර මේ වන විට ප්‍රදේශ ජනාකීර්ණ වෙමින් පවතී.මහා පරිමානයේ වගාබිම් දුම්රිය මාර්ගය දෙපස ඇති අතර පුත්තලම මන්නාරම මහාමාර්ගය දුම්රිය මාර්ගය හරහා වැටීඇත.මග දපස අලංකාර වැව් හා ජලාශ කිහිපයක් දක්නට ඇත.මේ දිනවල පවතින නියගය හේතුවෙන් ජලාශ සිදී යමින් පවතී.




මගී දුම්රියන් නොමැති නිසා දුම්රිය ප්‍රිය කරන ඔබට මෙම මාර්ගයේ අසිරිය විදගත නොහැක.

No comments:

Post a Comment