Friday, 3 August 2012

නයනා කුමාරි

මම දවස් කීපෙකට ඉස්සෙල්ල කොටුව ස්ටේෂන්එකේ නො5 ප්ලැට්ෆෝම් එකේඉන්නකොට මිනිස්සු කියනව

ඇහුන "නයනා කුමාරි"එනවා කියල. ජනප්‍රිය නිලියෙක් ඇස් දෙකෙන් බලන්ඩ පුලුවන් කියල මමත්

සැදීපැහැදී බලන් හිටියා. ආව s11 පවර් සෙට්එකක් නයනා කුමාරි එනව කියපු මිනිස්සු ඒකට නැගලා ගියා.

මම ලග හිටපු පොරක් ගෙන් ඇහුවා කෝ නයනා කුමාරි කියලා. පොරකිව්වා ඒගිය කෝච්චිය තමයි නයනා

කුමාරි කියල.පස්සෙ හොයල බැලුවහම කාරනාව මෙහෙමයි අර ෆවුසි මහත්තයා ප්‍රවාහන ඇමතිවෙලා

ඉන්නකාලෙ දැම්මලුනෙ පොල්ගහවෙලට කෝච්චියක්, ඉතිං මගීජනතාව ෆවුසි ඇමතිතුමාව සිහිවෙන්ඩයි

කරපු සේවෙයි නිසා ඔය කෝච්චියට නම දැංමලු පවුසිය කියල. ඒවගේ දැං ඉන්න ප්‍රවාහන ඇමතිතුමත්

මුදුබඩ මාර්ගයේ අලුත් කෝච්චියක් දැංමලු හික්කඩුවට. ඉතිංමිනිස්සු  ඇමතිතුමා කරපු සේවෙයි.

 එතුමව සිහිවෙන්ඩයි ඔය නම දැංමලු.  මුදුබඩ මාර්ගයේ "රුහුණුකුමාරි", " ගාලු කුමාරි" වගේනම් එක්ක

"නයනා කුමාරි" නමත් නියමෙට මැච් වෙනවා  

No comments:

Post a Comment