Sunday, 29 July 2012

දුම්රියක වෑන්රථයක් ගැටී






Thursday, 19 July 2012

සද්දන්ත දරු සෙනෙහස

මේ සිදුවීම උනේ මම මඩකලපුවෙ දුම්රිය රියදුරෙක් විදිහට වැඩ කරද්දි.රෑ හතයි කාලට කොළඹින්එන මීනගයා දුම්රිය.මම කෝච්චිය ගත්තෙ ගල්ඔය හන්දියෙන්.කෝච්චියෙ රියදුරන්,නියාමකයින් මාරැවෙන්නෙ එතනින්.කෝච්චිය පරක්කුවෙලා ගල්ඔයට ආවෙ මග එන්ඡිම ලෙඩදීලලු.පාන්දර තුනටවිතර.පුනානි ස්ටේෂන් එකට එනකොට පාන්දර පහයි හතලිහට විතරඇති.






නැගෙනහිර පලාතට කලින් එලිය වැටුනට එදා හරි කලුවරයි.රේල්පාර වැටිල තියෙන්නෙ පුනානි කැලේ මැද්දෙන්.පුනානි කැලේ අලි හුගක් ඉන්නව කිව්වට මමනං ඔයහරියෙ අලි එකෙක්වත් දැකල තිබ්බෙ නෑ.හැබැයි රේල්පාරක් ලගදැක්ක වැඩිම අලි මං දැක්කෙ ඔයහරියෙ.ඒක කතාවට පස්සෙ ලියන්නං.පුනානි ස්ටේෂන්එක තියන්නෙ කැලේ පටන්ගන්න මුලහරියෙ.පුනානි ස්ටේෂන්එකේ නවත්තල අදින්න පටන්ගත්ත විතරයි අලිපැටව් දෙන්නෙකුයි මහඅලි තුන්දෙනෙකුයි රේල්පාරෙ ඉස්සරහටයනවා.මහ අලි තුන්දෙනා ඉස්රහින් පැටවුදෙන්නා ඉස්සරහින්. මම එකපාරටම හදිසිතිරිංග ක්‍රියාත්මකකරලා හෝන්එක ගහගෙන හිටියා.බ්‍රේක් ගැහුවට කෝච්චිය නවතින්නෙනෑ ගමනාරම්බයට ගත්ත වැඩිපිකප්එකයි පෙට්ටි වල තල්ලුව හින්දයි කෝච්චිය ඇදීගෙන යනවා.ඉස්සරහින් ගිය මහඅලිදෙන්නෙක් එකපාරට පැටවුපිටිපස්සට ආව.උන්දෙන්නා එන්ජිමේ වැදුනා.නැත්තං පැටවු දෙන්නා වැදුනනං උං චප්ප වෙනවා.එන්ජිමේ වදිනවත් එක්කම කෝච්චිය නතර උනා.මම හිතුව අලි යටවෙලා කියලා බලනකොට එක ලොකුඅලියෙක් රේල්පාරෙ අනික් පැත්තට දුවනව අනික් මහඅලි දෙන්නා පැටවුනුත් වත්තං කරගෙන අනික් පැත්තට දුවනවා පැටවු කලබලේට රෝල්වෙවී දුවනවා දෙයියන්ගෙ පිහිටෙන් එකෙකුටවත් කරදරයක් නෑමට හිතාගන්නබැරි කාරනේ මේකයි එක අලියෙක් පැටවු බේරන්ඩ මැරෙන්ඩගියෙ මාත්‍රූ සෙනෙහස හින්ද කියමු ඒත් අනිත්එකා මැරෙන්ඩගියෙ මොකකටද?

රේල්පාරක් ලගදැක්ක වැඩිම අලි මං දැක්කෙ ත් පුනානි වලදී කෝච්චියත් මීනගයාමයි දිනේ  වෙසක් පෝය දවසක් රෑ දහයට විතර ඇතිකෝච්චිය එන්නෙ කොළඹ පැත්තට පුනානිකැලේ මැද්දෙ එකපාරටම අලියෙක් පාරපැන්නා. අලියෙක් පාරපැන්නම අපේකට්ටිය කරන්නෙ කොච්චිය නවත්තනඑක මොකද පැනපුඑකා පස්සෙන් තවත් අලිඑන්ඩ පුලුවන්හින්දා.මොකද අලියා කියන්නෙ එකපාරටම ආපහු හැරෙන සතෙක් නෙමෙයිමොකෙක්වත් ඊටපස්සෙ පාරපැනපු නැතිහින්ද කෝච්චිය ඉස්සරහට යනගමන් පාරපැනපු එකාගිය දිහාව බැලුවා අලි සීයකට වැඩිගානක් මම දැකපු විදිහට ඉස්සරහට යනවා.

Tuesday, 17 July 2012

m7